ගොසිප් පුවත්

articles

Jan
10

"නොසිතූ ලෙස නිවසට කඩා වැදුණු ත්‍රීරෝද රථයකට පුංචි දියණියක් යටවුණු හැටි

නිවසකට ත්‍රීරෝද රථයක් කඩා වැදීමෙන් පුංචි දියණියක් අනතුරකට ලක්වෙලා තිබෙනවා. 

 

මේ පිළිබඳව දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ මේ වෙද්දී දැඩි කතාබහකට ලක්වෙලා.

 

අනතුර සිදුවෙලා තියෙන්නේ පසුගිය සඳුදා (16) දිනයේදීයි.මේ අනතුර සිදුවෙලා තියෙන්නේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ නිවසක බවයි සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් වන්නේ.

 

මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථය එක් වරම යතුරුපැදියක ගැටී ඉන්පසුව තමයි නිවාස දෙසට කඩා වදින්නේ.

 

නිවසට කඩා වැදුණු ත්‍රීරෝද රථය නිවසේ සිටි පුංචි දියණියක් මතට තමයි පෙරලිලා තියෙන්නේ.

 

ත්‍රීරෝද රථ රියදුරාට වේගය පාලනය  කර ගැනීමට නොහැකිවීමෙනුයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ.

 

ත්‍රීරෝද රථය පැදවූ රියදුරු මේ වෙද්දී මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා.

 

දැරිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර දැරියට පසුකාලීනව යම්කිසි ලෙඩක් ඇතිවුවහොත් රියදුරු වගකීම් භාරගන්නා බව පවසා ඇති බවයි දියණියගේ ඥාතීන්ගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

Kandy perahera - 2015


Temple of the tooth


2017 Sihanadha All rights reserved

Sihanadha Radio, Kadawatha Junction.