ගොසිප් පුවත්

articles

Jan
20

අදෘශ්‍යමාන බලවේගයකින් නිවසක හටගත් ගින්නේ ඇත්ත පැත්ත මෙන්න

කොහොම වුණාද දන්නේ නෑ...

 

දුවගේ කාමරේ පුටුව ගිනි ගත්තා...

 

ගොඩකවෙල - ගල්පාය ප්‍රදේශයේ නිවෙසක පසුගියදා ඇති වූ ගින්න එම නිවසේම සිටි පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

 

කෙසේ වෙතත්, ගම්වාසීන් සහ නිවැසියන්ගේ විශ්වාසය වූයේ එම ගින්න අදෘශ්‍යමාන බලවේගයකින් හටගත් එකක් බවටයි.

 

ඒ, ඉකුත් 14 වැනිදා සවස් කාලයේදී.

 

ප්‍රථමයෙන් ගින්න කාමරය තුළ තිබූ අල්මාරියක හටගෙන ඇති අතර, පසුව එය තවත් ගෘහ භාණ්ඩ කිහිපයකට පැතිර ගිය බවයි නිවැසියන් ප්‍රකාශ කළා.

 

මේ අතර, පෙරේදා දිනයේ නිවස තුල තිබූ බැංකුපොත්, ඔප්පු ඇතුළු තවත් ලිපි ද්‍රව්‍ය කිහිපයකට ද හදිසියේ ගිනි ඇවිලී තිබුණා.

 

නිවැසියන් සහ ගම්වාසීන්ගේ විශ්වාසය වූයේ මෙම ගිනි ගැනිම් යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් සිදුකරන්නක් බවටයි.

Kandy perahera - 2015


Temple of the tooth


2017 Sihanadha All rights reserved

Sihanadha Radio, Kadawatha Junction.