ගොසිප් පුවත්

articles

Jan
20

හිත්වල රැඳෙන දෙයක් කළොත් අනිවාර්යයෙන්ම එයාලගේ මතකයේ අපි ඉඳියි

කාගෙවත් සිත්වලට අපව බලෙන් ඇතුළත් කරන්න බැහැ

ලැබිය යුතු දෙයක් බලෙන් ලබා ගන්න බැහැ

 

හිත දැඩි එකාටනේ හිද්දලයා කියන්නේ. ඉතින් ඒ හිද්දලයා නැත්නම් මලින්ද මේ දිනවල "ගැමුණු මහරජ" ටෙලිනාට්‍යය තුළින් ආදරණිය රසික සිත් අතරට ගිහින් තියෙනවා.

 

මලින්ද කාලයක් කලා කටයුතු වලින් ඈත්වෙලා ඉඳලා "ගැමුණු මහරජ" තුළින් යළිත් කලා කටයුතු පටන් අරගෙන.

 

ඉතින් ඒත් එක්කම ඔහුගේ ඉදිරි කලා කටයුතු සහ තවත් තොරතුරු රැසක් සඳහන් කරමින් මලින්ද පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.

 

ගැමුණු මහරජ ටෙලි නාට්‍යයෙන් ඔබ මේ දිනවල දකින්න ලැබෙනවා කොහොමද ඒ වැඩ කටයුතු ?

 

මේ දවස්වල පළමු අදියරේ රූගත කිරීම් නතර කරලා තියෙන්නේ. ගැමුණු කුමාරයා මාලිගාවෙන් පලාවිත් කොත්මලේ සැඟවිලා ගත කළ අවුරුදු දොළහක  ජීවිත කාලය ගැන පළමු කොටස් තිහෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වුණේ. ඉදිරියෙදි අදියර තුනකින් කතාව ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

 

කොහොමද ඔබේ නිරූපණයට ලැබෙන ප්‍රතිචාර ?

 

ප්‍රතිචාර ගැන කියනවා නම් ඉතාම ඉහළයි. පුංචි ළමයගෙ ඉඳලා වැඩිහිටියා දක්වාම හමු වෙන හැම කෙනාම හුඟාක් ප්‍රශංසා කරනවා. සමහර අය මට කතා කරලම කියනවා නාට්‍ය බලන එක අතහැරලා තිබුණත් මේ නාට්‍ය නම් අනිවාර්යයෙන්ම බලනවා කියලා. පිටරටවල අය පවා කතා කරලා නාට්‍ය වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා.

 

 

Kandy perahera - 2015


Temple of the tooth


2017 Sihanadha All rights reserved

Sihanadha Radio, Kadawatha Junction.